Thursday 18th of June 2026

English Tamil
Advertiesment


ආපදා හමුවේ සීරුවෙන් සිටින්නැයි ත්‍රිවිධ හමුදාවට අගමැති උපදෙස් දෙයි..!


2018-05-21 14882

   

(සුජිත් මංගල ද සිල්වා)

 

ජල ගැලීම් හා ආපදා තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ගත යුතු කඩිනම් පියවර සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් අද (21) දින  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ.

මෙහිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය එස්. අමලනාදන් මහතා වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළ අතර, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඒ. ඒ. එන්. සිල්වා මහතා විසින් ජනතාවට සහන සැලසීමට අදාළ නිලධාරීන් ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කරන ලදී.

ගංවතුර තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ සඳහා ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තබන ලෙස උපදෙස් දුන් අගමැතිවරයා දිසාපති හා ප්‍රාදේශීය ලේකම්වරුන් සමග සම්බන්ධව ආපදා සහන සැලසීමට පෙරමුණ ගන්නා ලෙස පළාත් සභා හා ප්‍රාදේශීය සභා ජනතා නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.

සහන සැලසීමට අවශ්‍ය තරම් ප්‍රතිපාදන දිසාපතිවරුන් සතුව ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වාර්තා කළේය. තත්වය තවදුරටත් සමාලෝචනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් අගමැතිවරයා ආපදාවට පත් ජනතාවට සහන සැලසීමට උපරිම කාර්යක්‍ෂමතාවයෙන් කටයුතු කරන ලෙස අංශ භාර නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ආපදා තත්වය සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ ආරක්‍ෂක ලේකම්වරයා සමඟ ද රනිල්  වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් අදහස් හුවමාරු කර ගත්තේය.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment